මොනවද මේ සුපිරි පරිගණක...............
සුපිරි පරිගණක යනු මිහිමත ඇති ප්‍රබලතම යන්ත්‍රෝපකරණ කාණ්ඩයයි. අති විශාල දත්ත සැකසීමේ හා ගණනය කිරීමේ හැකියාවක් ඇති සුපිරි පරිගණකවල දත්ත සකසන (processor) දහස් ගණනක්, ප්‍රධාන මතකය (RAM) සහ දත්ත ගබඩා (HDD) ධාරිතාවය ටෙරා බයිට් ගණනක් සහ මෙම උපකරණ එකිනෙක සම්බන්ඳ කරන අධි වේගවත් දත්ත හුවමාරුවක්ද ඇත. 1960 ගණන් වල සුපිරි පරිගණක හදුන්වාදීමෙන් පසු ඒවායේ විකාශනය වේගයෙන් සිදුවූ අතර වර්තමානයේ විවිධ කටයුතු රාශියක් සදහා සුපිරි පරිගණක දහස් ගණනක්
යොදාගනී.
දැනට ලෝකයේ පවතින ප්‍රබලතම සුපිරි පරිගණකය ජපානයේ ෆුජිට්සු ආයතනයට (Fujitsu) අයත් K computer නම් සුපිරි පරිගණකයයි. එහි සකසන හැකියාව පෙටා ෆ්ලොප්ස් (petaFLOPS) 10.51කි . එහි SPARC64 VIIIfx වර්ගයේ දත්ත සකසන 88,000 සේවා පරිගණක රාක්ක 864 පුරා පැතිර ඇත
60 දශකයේ දී හඳුන්වාදීමට යෙදුණු සුපිරි පරිගණක මුලික වශයෙන්ම නිර්මාණය වුයේ Control Data Corporation (CDC) හි සේමර් ක්‍රෙරේ විසින් වු අතර, 70 දශකයේ දී ස්වකීය ආයතනයක් පිහිටුවීම සඳහා ක්‍රෙරේ CDC යෙන් ඉවත්ව යන තෙක්ම එයට වෙළෙඳපොලේ ප්‍රධාන තැනක් හිමි ව තිබිණි. අනතුරුව සුපිරි පරිගණක සඳහා හිමි ව තිබු වෙළඳපොල කොටසෙහි ඉහළම ස්ථානය සිය නවතම නිර්මාණ සැලසුම් මඟින් පුරා වසර 5 ක් පුරාවට තමා සතු කර ගැනීමට ඔහු සමත් විය. කෙසේ වෙතත් ක්‍රෙරේ කිසිවිටෙකත් සිය නිර්මාණයට ‘Super computer (සුපිරි පරිගණක)’ යන යෙදුම භාවිතා නොකල අතර ඒ වෙනුවට ඔහු ‘computer (පරිගණක)’ යන යෙදුම වඩා ප්‍රිය කළේය. 80 දශකයේ දී ඉන් දශකයකට එපිට මධ්‍ය පරිගණක වෙළඳපොල නිර්මාණය වීමට සමාන්තරව ප්‍රතිවාදි ආයතන විශාල ප්‍රමාණයක් සුපිරි පරිගණක වෙළඳපොල ආක්‍රමණය කළ ද, 90 දශකයේ මැද භාගයේ දී ඇති වු සුපිරි පරිගණක වෙළඳපොල ඇඳ වැටීම (Super computer market crash)ත් සමඟම ඒවා කෙමෙන් වියැකී යන්නට විය. වර්තමානයේ දී සුපිරි පරිගණක යනු සාම්ප්‍රදායික ආයතන කිහිපයක් මඟින් (IBM, HP) නිමැවුණු, පරිශිලක අභිරුචිය අනුව තැනුණු, එක්තරා ආකාරයක නිර්මාණ සැලසුමක් ලෙස සැලකේ. එමෙන්ම IBM හා HP යන ආයතන වනාහි 80 දශකයේ දී බිහි වු අනෙකුත් ආයතන වල අත්දැකීම් තමන් සතු කර ගැනීම සඳහා ඒවා මිලයට ගත් ආයතන ලෙස සැලකිය හැකිය.
සුපිරි පරිගණක තෑනීමට යොදාගන්නා දත්ත සකසන (CPU) සංස්කරණය (customize) කරනළද ඒවා වන අතර සාමාන්‍ය පරිගණක වල මෙන් නොව දත්ත සකසන විශාල ගණනක් එක්ව සමාන්තරව (parallel computing) දත්ත ගණන කටයුතු ආදිය කරගැනීම සදහා විශේෂයෙන් සකසා ඇත. දත්ත සකසන (CPU) වලට අමතරව ග්‍රැෆික දත්ත සකසනද (GPU) අද ලොව ප්‍රබල සුපිරි පරිගණක සදහා යොදාගනී. මෙයට හේතු වනුයේ ඒවායේ ඇති සුපිරි ගණනය කිරීමේ හැකියාවයි. අද ලොව ප්‍රබලතම සුපිරි පරිගණක හතරෙන් (4) තුනක්ම(3) තම කටයුතු සදහා ග්‍රැෆික දත්ත සකසන (GPU) සහ සාමාන්‍ය දත්ත සකසන (CPU) එක්ව දෙමුහුන්ව (Hybrid) යොදාගනී, කෙසේවෙතත් සම්පූර්ණයෙන්ම ග්‍රැෆික දත්ත සකසන සුපිරි පරිගණක සදහා යොදාගැනීමක් සිදුනොවේ.
සුපිරි පරිගණකවල සුපිරි ගණන හැකියාව මෙන්ම ඒවා අත්කරගන්නා ඉඩ ප්‍රමාණයද දෙවෙනි නොවේ . වර්ග අඩි දහස් ගණනක් පුරා පැතිර ඇති ඩොලර් මිලියන, බිලියන ගණනින් වටිනා , එමෙන්ම මෙගා වොට් (MW) ගණනින් විදුලිය පරිභෝජනය කරන මෙම සුපිරි යන්ත්‍රවලින් පිටවන අධික තාපය සිසිල් කිරීමට සිසිලන පද්දති (cooling system) සදහාද විශාල විදුලි ප්‍රමාණයක් සහ මුදලක් වැයවේ.
සුපිරි පරිගණකවල මෙහෙයුම් පද්දති ලෙස බොහෝවිට වේගවත් Linux සහ Unix මෙහෙයුම් පද්දති යොදාගන්නා අතර සුළු ප්‍රමාණයක් සදහා windows හා mac වැනි මෙහෙයුම් පද්දති යොදාගනී. මීට අමතරව මෙම මෙහෙයුම් පද්දති සමග විශේෂිත මෘදුකාංගද යොදාගනී.
0 අදහස්:
Post a Comment