Wednesday, October 9, 2013

opera mini වෙබ් බ්‍රව්සරය මගින් සිංහල ලිපි කියවීම....

opera mini වෙබ් බ්‍රව්සරය මගින් සිංහල ලිපි කියවීම....



opera mini හැඳින්වීම....
ඔපෙරා මිනි යනු වෙබ් බ්‍රවුසරයකි. එය මූලික වශයෙන් ජංගම දුරකථන, ස්මාර්ට් ජංගම දුරකථන සහ පී.ඩී.ඒ (Personal digital assistant/ PDA) සඳහා නිර්මාණය කර ඇත.
ජාවා එමඊ (en: Java ME) ඇප්ලිකේෂන් ධාවනය කල හැකි පැල්ටපෝමයක් සහිත ජංගම උපාංග එයට හතර වන මට්ටමේ අනුවාදය තෙක් අවශ්‍ය විය. පස් වන මට්ටමේ අනුවාදයේ සිට එය ඇන්ඩ්‍රොයිඩ් , අයි.ඕ.එස්, සිම්බියන් මෙහෙයුම් පද්ධයතිය හා වින්ඩෝස් මොබයිල් සඳහාද හඳුන්වාදෙන ලදී. ඔපෙරා මිනි මෘදුකාංගය නොමිලේ ලබා දෙන්නක් වන අතර, ඇතැම් සමාගම් මගින් එය ජංගම දුරකථනවලට ඇතුළත් කරම ලබා දේ, එසේම ආදායම් ලැඛෙන තවත් ක්‍රමයක් වශයෙන් සෙවුම් දැන්වීම්, මුදල් ගෙවන ලද bookmarks හා speed dial දැක්විය හැක.

ඔපෙරා මිනි පැමිණියේ 1996 දී ප්‍රකාශයට පත් වූ පෞද්ගලික පරිගණක සඳහා වූ ඔපෙරා වෙබ් බ්‍රවුසරය මගිනි. 2005 දී නියමු ව්‍යාපෘතියක් ලෙස පටන්ගත් ඔපෙරා මිනි සීමිතව යූරෝපයට නිකුත් කිරීමෙන් පසුව 2006 ජනවාරි මස 24 වන දා ලොවටම නිල වශයෙන් නිකුත් කෙරිණි.

2012 මාර්තු වන විට ක්‍රියාකාරී භාවිත කරන්නන් මිලියන 168ක් හා පිටු නරඹන්නන් බිලියන 117ක් එම මාසය ඇතුළත සිටිනා බව ඔපෙරා නිපද වුවන් විසින් වාර්ථා කරන ලදී. මෙය 2011 මාර්තු වල පටන් 60.4%ක සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කෙරේ.


ඔපෙරා මිනි වල සිංහල යුනිකෝඩ් දර්ශනය කර ගැනීම....
ඒ සඳහා පහත ක්‍රම අනුගමනය කරන්න
1. Opera mini බ්‍රව්සරයේ ලිපිනය සඳහන් කරන තීරුව (address bar) තුළ config: හෝ opera:config ලෙස සඳහන් කර Go බොත්තම ඔබන්න. 





2. Use bitmap fonts for Complex scripts (විවෘත වන නව පිටුවේ අවසානයට ඇති තීරුව) ඇති තීරුවේ තිබෙන චෙක් බොක්ස් එක YES සකසා SAVE බොත්තම ඔබන්න






මෙම ආකාරයට සැකසුම් සෑදීමෙන් වෙබ් පිටුවල ඇති සිංහල අක්ෂර කියවීමට හැකි අතර මෙම ක්‍රමය මගින් සාර්ථක ලෙස සිංහල අක්ෂර ලබා ගැනීමට නොහැකි වූවත් එය යම්තාක් දුරට සිංහල අක්ෂර කියවීමට ඔබට උපකාරී වේ.




0 අදහස්: