Tuesday, October 29, 2013

මයික්‍රොසොෆ්ට් ඔෆිස් කොම්පියුටරයට නොකියා ඉන්ස්ටෝල් කරමු.....



අද මම කියල දෙන්න යන්නේ ඔෆිස් පැකේජ් එක සයිලන්ට් ඉන්ස්ට්‍රෝ කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඔෆිස් සෙටප් එක ඩබල් ක්ලික් කරාට පස්සේ කිසිම විදානයක් නොදී පරිගණකයට ඉන්ට්‍රෝල් වෙන විදියට හදා ගන්න හැටි. ඔයාලා දැකලත් ඇති සමහර සොෆ්ට්වෙයා තියෙනවා මෙහෙම ඉන්ස්ට්‍රෝල් කරන්න.

හරි කතාව ඇති... ඔයිට වඩා පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ... මොකද මේ වැඩේට code ලියන්නේ නෑ... මේක දීල තියෙන්නේ මයික්‍රොසොෆ්ට් එකෙන්මයි.

දැන්වත් වැඩේ පටන් ගනිමු...
මේක ඔෆිස් 2010 ට වගේම 2007 ටත් කරන්න පුළුවන්..... පළමුවෙන්ම
කරන්න තියෙන්නේ ඔෆිස් ෆෝල්ඩර් එකට යන්න. එකේ තියෙන autorun.inf  ෆයිල් එක ඕපන් කරගන්න. ඊට පස්සේ එකේ තියෙන සේරම අකුරු ටික මකලා පහළ තියෙන විදියට ටයිප් කරන්න.... මතක තියාගන්න හිස්තැන්, අකුරු දේවල් එහෙම්මම තියෙන්න ඕනේ....

setup.exe /admin

දැන් මේක කැමති නමක් දීල ඔෆිස් ෆෝල්ඩර් එකේ .bat විදියට save as කරගන්න. සේව් කරනකොට save as type එක All File කියල දෙන්න...

1




2

 දැන් ඔයාලා save කරගත්තු .bat ෆයිල් එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න.... එතකොට පහළ රුපයේ තියෙන විදියට cmd වින්ඩෝ එකක් හා යූසර් එකවුන් කොන්ට්‍රොල එකක් දකින්න ලැබෙයි. ඒක yes කරන්න.... වින්ඩෝස් xp නෑ ඔන්න...

3


ඊළග "Microsoft Office Customization tool" වින්ඩෝ එකක් ලැබෙයි... "Create a new setup customization file for the following product" කියන එකට ටික් එක දාලා ok කරන්න...

4



ඊළගට පහත පියවරයන් අනුගමනය කරන්න....
"Instal location and organization name" කියන එක සෙලෙක්ට් කරන්න ...... "Default installation path:" කියන එක වෙනස් නොකර තියන්න... එකෙන් කියන්නේ ඉන්ස්ට්‍රෝල් වෙන්න ඕන තැන... "Organization name:" කියන තැනට ඔයාට කැමති නමක් දෙන්න... අපහැදිලිනම් පහළ රූපය බලන්න...

5


ඊලගට "License and user interface"  කියන ටැබ් එකට යන්න...
ඔෆිස් 2010 නම් "Use KMS client key" කියන එක සිලෙක්ට් කරන්න.     (ඔෆිස් 2007 නම් "Product key:" කියන තැනට ඔෆිස් 2007 වල key එක ලබා දෙන්න. ඕනේ නම් මෙන්න්න "KGFVY-7733B-8WCK9-KTG64-BC7D8")

අනතුරුව "I accept the terms in the License Agreement" කියන එකට ටික් එක දාන්න. "Display level" කියන එක "Basic" කියල තෝරන්න. ඊට පහලින් තියෙන "Completion notice", "Suppress model", "No cancel" කියන ඒවා ටික් වෙලා තියෙනව නම් ඒ ටික අයින් කරන්න...

6



7

ඊට පස්සේ "Set feature installation states" කියන ටැබ් එක සිලෙක්ට් කරන්න. දකුණු පැත්තේ තියෙන වින්ඩෝ එකේ "+" ලකුණ ක්ලික් කරලා අනවශ්‍ය මෘදුකාංග අයින් කරන්න.

8





දැන් Microsoft customize tool වින්ඩෝ එකේ file > save as යන්න තෝරන්න... ඔෆිස් ෆෝල්ඩරය තුල ඇති "Updates" කියන ෆෝල්ඩරය තුල කැමති නමක් ලබා දී save කරන්න.

9




අනතුරුව Microsoft customize tool වින්ඩෝ එක close කර ඔෆික් පැකේජ් එක ඉන්ස්ටෝල් කරන්න. දැන් ඔයාට කිසිම දෙයක් නොකර ඔෆිස් ඉන්ස්ට්‍රෝල් කරගන්න පුළුවන්.

මොනවා හරි ගැටළුවක් ආවොත් පරිගණක බ්ලොග් එකේ හරි ෆේස්බුක් එකේ හරි කමෙන්ට් එකක් දාන්න....

0 අදහස්: