බ්ලොග් එකට ෆේස්බුක් කමෙන්ට් බොක්ස් එකක් දා ගනිමු....
ඔයාලාගේ බ්ලොග් එක ලස්සන කරන්න බ්ලොග් එකට ෆේස්බුක් කමෙන්ට් බොක්ස් එකක් දා ගනිමු... මේක ගොඩක් වැදගත් වෙන්නේ ෆේස්බුක්
ෆෑන් පේජ් එකක් කරගෙන යන අයට. අනිත් අයටත් වටිනවා. ඉතා පහසුවෙන් හා ඉක්මනින් කරන විදිය ඔයාලට කියල දෙන්න යන්නේ. ෆේස්බුක් ඇප්ස් හදන්න ඕනේ නෑ. එහෙනම් වැඩේ පටන් ගනිමු....
පළමුවෙන්ම Dashboard > Settings > Posts and Comments > Comment Location එක Hide කරන්න. දැන් ෆේස්බුක් ලොග් වෙන්න ඕනේ. ඊළගට ෆේස්බුක් ඩිවලපස් (facebook developers) පේජ් එකට යන්න ඕනේ.
පහල තියෙන ලින්ක් එකෙන් යන්න.
Facebook Developer
දැන් මෙහෙම පේජ් එකක් ලෝඩ් වෙයි....
URL to comment on කියන තැන ෆේස්බුක් පේජ් එකේ URL එක ලබා දෙන්න...
(ඔයාගේ ෆේස්බුක් පේජ් එකට ගිහින් ඇඩ්රස්බා(ර්) එකේ තියෙන url එක කොපි කරගන්න. මතක ඇතුව පහල රූපයේ වගේ අන්තිමට තියෙන අකුරු වලින් එහා තියෙන දේවල් කොපි කරගන්න එපා. ෆේස්බුක් ID එකට යනකම් විතරක් කොපි කරන්න)
Number of Posts කියන තැනට පොස්ට් වෙන්න ඕනේ කමෙන්ට් ගණනක් දාගන්න.
Width කියන තැනට කමෙන්ට් බොක්ස් එකේ දිග ප්‍රමාණය ලබා දෙන්න. බ්ලොග් එකකට 500ක් විටහර හොදටම ඇති.
සේරම විස්තර පුරවල පහල තියෙන Get Code කියන බොත්තම උඩ ක්ලික් කරන්න. පහළ තියෙන ආකාරයට...
දැන් පහල තියෙන විදිහට වින්ඩෝ එකක් හම්බවෙයි. එකේ HTML කියන ටැබ් එක සිලෙක්ට් කර දෙවනුවට ඇති කෝඩ් එක තමයි ඕන වෙන්නේ. මේ page එක close නොකර තියා ගන්න. දැන් ඊලග පියවරට යමු.
දැන් බ්ලොග් එක වෙත යන්න. ඊට පසුව Dashboard > Template > Edit HTML යන්න.
Ctrl + F යන key එකවර තද කර මතු වන චෙක් බොක්ස් එකේ
<div class='post-footer-line post-footer-line-3'> කෝඩ් එක කොපි පේස්ට් කර enter කරන්න. ඊට පස්සේ මේ කෝඩ් එක තියෙන තැන කහ පාටින් හෝ තැඹිලි පාටින් හයිලයිට් වෙලා පෙන්නයි.
ඉහල රූපයේ රතු පාටින් කොටුකර තියෙන කෝඩ් කොපි කරගන්න. දැන් <div class='post-footer-line post-footer-line-3'> කෝඩ් එක තියෙන ලයින් එකට උඩින් පේස්ට් කරන්න. පහල තියෙන විදියට. මතක ඇතුව සේව් කරගන්න.
දැන් ආයෙත් ෆේස්බුක් ඩිවලපස් (facebook developers) පේජ් එකට යන්න. එකේ පළමුවෙන්ම තියෙන කෝඩ් එකට උඩින් තියෙන JavaScript SDK මත ක්ලික් කරන්න.
ර්ලගට එන වින්ඩෝ එකේ තියෙන කෝඩ් එක කොපි කරගන්න.
දැන් ආයෙත් HTML Edit Templet එකට යන්න. එහි ඇති චෙක් බොක්ස් එකේ (කලින් කෝඩ් එක සර්ච් කරපු බොක්ස් එක) <body> කියල ටයිප් කරලා enter කරන්න. කලින් කොපි කරගත් කෝඩ් එක <body> කියන කෝඩ් එකට යටින් පේස්ට් කරන්න. පහල රූපයේ තියෙන විදියට.
ඊට පස්සේ ,YOUR_APP_ID කියන තැනට ඔයාගේ ෆේස්බුක් පේජ් එකේ තියෙන ID එක දාන්න. එක හොයා ගන්නේ මෙහෙමයි. ඔයාගේ පේජ් එකට යන්න. ඇඩ්රස්බාර් එකේ තියෙන අග ඉලක්කම් ටික තමයි මෙතෙන්ට දාන්න ඕනේ. පැහැදිලි නැතිනම් පහල රුපය බලන්න.
WWW.YOUR_DOMAIN.COM/channel.html කියන තැනට ෆේස්බුක් පේජ් එකේ url එක ලබා දෙන්න. පහල රූපයේ විදියට.
දැන් සේව් කර View Blog ක්ලික් කරන්න. දැන් ඔයාගේ බ්ලොග් එකේ ෆේස්බුක් කමෙන්ට් බොක්ස් එකක් එකතු වී ඇත.