
වයිරස් හා වෙනත් විනාශකාරී වැඩ සටහන් වලින් පරිගණකය ආරක්ෂා කරගැනීම අත්‍යාවශ්‍ය කාරණයකි. පරිගණකය අන්තර්ජාලය හා සම්බන්ධ වන විට මෙය ඉතාමත් අත්‍යවශ්‍යය. මන්ද අන්තර්ජාලය හා සම්බන්ධ වී වැඩ කරන විට වයිරස් හෝ වෙනත් විනාශකාරී වැඩ සටහන් පරිගණකයට පැමිණ විවිධ දෝෂ ඇති කරන නිසාය. එම නිසා ඇන්ටිවයිරස් මෘදුකාංගයක් පරිගණකය තුළ ඉන්ස්ටෝල් කරගත යුතුය. එමෙන්ම එය යාවත්කාලීන කර ගනිමින් පවතවා ගත යුතුය. එහෙත්
දැන්
ඉන්ටනෙට් සමග සම්බන්ධවී වැඩ කරන පරිගණක වලට අලුත් කරදර පැමිණේ. එනම් හිටිගමන් මතුවන පරිගණකයේ දරුණු ගණයේ වයිරස් ඇතැයි පෙන්වන පණිවිඩය. හිටි ගමන් මතුවන පොපප් මෙනු වලින් මෙමෙ පණිවිඩ එවන අතර එම වයිරස් මකා දමන ලෙස කියන පණිවිඩ වේ. මුලින්ම මේවා අපට නොදනී පරිගණකයට ඇතුළුවේ. තව කරදරයක් නම් පරිගනකයට ඩ්‍රයිවස් ඉන්ස්ටෝල් කරන මෘදුකාංගවේ. මේවා හිටි ගමන් ක්‍රියාත්මක වී පරිගණකය ස්කෑන් කරනු ලබයි. මේවද ඉන්ටෙර්නෙට් සමග සම්බන්ධ වී සිටින විට කිසිම අනුදැනුමින් තොරව පරිගණකය තුල ස්ථාපිත වේ.
පසුව පරිගණකය පණගන්වන විට මෙම වැඩසටහන් ක්‍රියාත්මකවී පරිගණකය ස්කෑන් කරනු ලබයි. එහිදී වයිරස් ගණනාවක් හමුවූ බව හෝ පරිගණකය තුල නොමැති අවශ්‍ය ඩ්‍රයිවස් ගණනාවක් හමු වූ බව කියනු ලැබේ. වයිරස් ඉවත් කිරීම හෝ ඩ්‍රයිවස් ඉන්ස්ටෝල් කිරීමට ගියවිට අදාළ මෘදුකාංගය රෙජිස්ටර් කළ යුතු බව දන්වා ඊ මේල් ලිපිනය හෝ වෙනත් තොරතුරු (ක්‍රෙඩිට් කාඩ් අංකය) වැනි දෑ ඉල්ලා සිටියි. සැබවින්ම මෙම මෘදුකාංග කරනු ලබන්නේ අපව නොමග යවා මුදල් හෝ තොරතුරු ලබා ගැනීමටය.
මේවා වංචනික මෘදුකාංග ලෙස හදුනාගැනීම ට පවා නොහැකි වන ලෙස ඉතා අලංකාරව, ක්‍රමානුකුලවත් හා විස්වාසදායි ලෙස මේවා නිර්මාණය කර තිබේ. රෙජිස්ටර් වීම නොසලකා වැඩ කරගෙන ගිය විට විවිධ දෝෂ මවා පෑමක් සිදුකරනු ලැබේ.
වයිරස් ගාඩ් එකක් නම් විවිධ දරුණු වයිරස් හමු වූ බව අගවන පණිවිඩ එවන අතර තවත් විටක පරිගණකය ස්ටක් වන බව කියනු ලැබේ. “windows error screen” වැනි දේවල් සිදු කරයි. නිල් පාට ස්ක්‍රීන් පැමිණ පරිගණකය රීස්ටාට් වී නැවත වින්ඩෝස් ලෝඩ් වන ආකාරයේ ස්ක්‍රීන් එකක් ලැබේ. වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය තුල මෙවැනි අකාරයේ ස්ක්‍රීන් එකක් දක්නට ලැබෙන්නේ පරිගණකය ඉතා අවදානම් තත්වයක පවතින විටය. සමහර “error” මැසේජ් වින්ඩොව්ස් මෙහෙයුම් පද්දතිය මගින් පැමිණෙන පණිවිඩ සේ මවා පෑමට මෙම මෘදුකානග සමත් වේ. ඇත්ත වශයෙන්ම මෙවැනි අවදානමක් මෙහෙයුම් පද්දතිය තුළ නොපවතින අතර නොමග යවා බියට පත් කිරීම මෙමගින් සිදු කරයි.
ඩ්‍රයිවස් ඉන්ස්ටෝල් කරන මෘදුකාංග පවා මෙයට සමාන කමක් දක්වයි. පරිගණකය තුල වැඩකරමින් සිටිනා විට එක පාරටම ස්කෑන් කරන වින්ඩෝවක් මතු වී ස්කෑන් කිරීම අරඹන අතර පරිගණකයට ක්‍රියාත්මක වීමට අවශ්‍ය ඩ්‍රයිවස් නොමැති බව දන්වමින් පණිවිඩ එවනු ලැබේ.
ඇත්ත වශයෙන්ම මෙහි අරමුණ වන්නේ අනවශ්‍ය මෘදුකාංගයක් විකුණා ගැනීම හෝ තොරතුරු ලබා ගැනීම සිදු කරයි. මෙම මෘදුකාංග වලින් ඇති විශාලතම අවධානම වන්නේ අපගේ පරිගණකය යම් පිටස්තර අයකුගේ ග්‍රහණයට ගත හැකිසේ ඊට අවශ්‍ය තොරතුරු අපෙන් ලබා ගැනීමයි. එවිට ඒ තැනැත්තාට අවශ්‍ය පරිදි අපගේ පරිගණකය විනාශකාරී වැඩසටහන් වලට යොදා ගනී. “සොම්බි” පරිගණක කියා කියන්නේ මෙවැනි පරිගණක අන් අයකුගේ ග්‍රහණයට ලක් වූ පරිගණක වලටය. මෙවැනි පරිගණක ගණනාවක් එක් කොට තනි ජාලයක් මෙම විනාශකාරී අදහස් ඇත්තන් විසින් තනා ගනී. “බොට්නෙට්” කියා කියන්නේ මෙවැනි පරිගණක ජාල වලටය.
ව්‍යාජ මෘදුකාංග හදුගනීම.....
පරිගණකයට දෝෂ ගෙනදෙන මෙවැනි මෘදුකාංග හදුනා ගැනීම සඳහා පහත ඇති ලක්ෂණ සසඳා බැලීම කළ හැකිය.
· සාමාන්‍යයෙන් නියම පරිගණක මෘදුකාංගයක් ඉන්ස්ටෝල් වන්නේ ක්‍රමවත් සෙටප් එකකින්ය. නැතහොත් කොපි කිරීමක් මගින් හෝ අපගේ අනුදැනුම මගින්ය. එහිදී මෘදුකාංග සමාගමේ ගිවිසුම් හා රෙජිස්ට්‍රේෂන් ගැන අපව දැනුවත් කරයි.
එහෙත් වංචනික මෘදුකාංග ඉන්ස්ට්‍රෝල් වන්නේ ක්‍රමවත් සෙටප් එකක් හරහා නොවන අතර එම නිසා සැක සහිත මෘදුකානගයක් ඉන්ස්ට්‍රෝල් වූයේ ක්‍රමවත් සෙටප් එකක් හරහාද යන්න සොයා බැලිය යුතුය.
· නියම මෘදුකාංග රෙජිස්ටර් කිරීමට අවශ්‍ය නම් , එසේ කරන තුරු වැඩ කිරීමට නොහැකි වේ. නැතිනම් අත්හදා බැලීම සදහා කිසියම් කාල සීමාවක් ලබා දේ. වයිරස් ගාඩ් එකක් නම් රෙජිස්ටර් කරන තුරු ස්කෑන් කළ නොහැකි වන අතරම අත්හදා බලීමට ලබා දෙන කාල සීමාව තුල වයිරස් ඇත්නම් ඒවා සොයා දෙන අතර මකා දැමීම සිදුකරයි. රෙජිස්ටර් කිරීමට අවශ්‍යනම් ඒ බව පොපප් මෙනු එකකින් පෙන්වන අතර අවශ්‍ය නම් එය වසා දැමිය හැකිය. ඒ බව දන්වමින් නිතර කරදර කරන්නේද නැත. ඒ වෙනුවට එක් වරක් දන්වා සිස්ටම් ට්‍රේ එක මත ඇති අයිකනය වෙනස් වීම මගින් එය පෙන්නුම් කරයි.
එහෙත් වංචනික මෘදුකාංග පරිගණකය බූට් වී වින්ඩෝස් වලට පැමිණෙන විටම ස්කෑන් කිරීම ආරම්භ කරනු ලබයි. සමහර අවස්ථා වලදී එම වින්ඩෝස් වස දැමීමට පවා නොහැකි වෙයි. එමගින් විවිධ දෝෂ පරිගණකය තුල ඇති බව මෙම මෘදුකාංග තුලින් පෙන්වනු ලබයි.
· සාමාන්‍යයෙන් පරිගණකයේ ඩිස්ක් එක ස්කෑන් කිරීමේදී හාඩ් ඩිස්ක් ඉන්ඩිකෙටර් කියා හදුන්වනු ලබන රතු පැහැති LED බල්බය දිගු වෙලාවක් දැල්වී තිබෙනු දැකිය හැක. එසේම ඒ වෙලාවේ පරිගණකයේ වේගය තරමක් අඩු වේ.
එහෙත් වංචනික මෘදුකාංග ඩිස්ක් එක ස්කෑන් කරන විට පරිගණකයේ හාඩ් ඩිස්ක් ඉන්ඩිකේට් බල්බයෙන් ඒ බව අගවන්නේ නැත. එසේම පරිගණකය මන්දගාමී නොවේ.
· නියම ඇන්ටි වයිරස් මෘදුකාංග කැමති ඕනෑ ම වෙලාවක අන්ස්ට්‍රෝල් කිරීමට පුළුවන. යම් හෙයකින එයට බාධා වන්නේ පරිගණකයේ ඇති ෆයිල් කියවා ගත නොහැකි වී ඇති ලෙස විනාශ වී ඇත්නම් පමණි.
නමුත් වංචනික ඇන්ටිවයිරස් මෘදුකාංග වල අන්ස්ට්‍රෝල් කිරීමේ පහසුකමක් නැත. එසේ ඇත්නම් පළමුව වයිරස් මකාදමන ලෙස පණිවිඩයක් පැමිණේ. (එමෙන්ම වංචනික ඩ්‍රයිවස් ස්කෑන් මෘදුකාංග වල මෙවැනිම තත්වයක් ඇත.) එසේ රෙජිස්ටර් කිරීම මිස අන්ස්ට්‍රෝල් කිරීමක් සිදු නොවේ.
· නියම මෘදුකාංග විකුණන සමාගම් වල බොහෝ විස්තර හා වෙනත් සේවා පිළිබද නිල වෙබ් අඩවි පවත්වා ගෙන යන අතර අලුත් සංස්කරණ, වෙනත් අදාළ තොරතුරු, ලිපිනයන් හා දුරකථන අංක සදහන් කරයි.
නමුත් වංචනික මෘදුකාංග වල එවැනි වෙබ් පිටු වල පිළිගත හැකි නිල නාමයන් හෝ සන්නම් නාමයන් නොමැති අතර වෙබ් පිටු වල ඇත්තේ වෙබ් පිටු එකක් හෝ දෙකක් පමණි. මේවයේ මෘදුකාංගය රෙජිස්ටර් කරන ආකාරය පමණක් දිස්වෙන අතර වෙළද නාමයක් නොමැත. එසේ තිබුනත් එය වෙළද නාමයක් නොව තාක්ෂණික නාමයක් බව බලු බැල්මට පෙනෙයි.
· නියම ඇන්ටිවයිරස් මෘදුකාංගයක තිබෙන “real time protector”සේවාව මගින් සෑම විටම විවෘත කරන ෆෝල්ඩර් හා ෆයිල් ස්කෑන් කොට එහි තිබෙන වයිරස් පිළිබද දැනුවත් කරයි.
නමුත් වංචනික මෘදුකාංග පරිගණකයේ දෝෂ ගණනාවක් ඇතිබව පෙන්වමින් නිතර නිතර මතක් කරමින් වින්ඩෝවක් පැමිණේ. සමහර විට මේවා කිසිම විටක වසා දැමිය නොහැක.
මෙම කරුණු ඇසුරෙන් මෘදුකාංග වන්චනික් එකක්ද නැතිනම් නියම මෘදුකාංගයක් ද යන්න සොයාගත හැකිය. එවිට කිසි සේත්ම රෙජිස්ටර් විකල්පය වෙත නොයා යුතුය. යම් හෙයකින් එවැනි මෘදුකන්ගයක් රැදී තිබේ නම් එහි .exe ෆයිල් එක තිබෙන ෆෝල්ඩරය මකාදැමිය යුතුය.
0 අදහස්:
Post a Comment