Sunday, October 13, 2013

Ubuntu

Ubuntu


උබුන්ටු යනු ඩේබියන් G.N.U. / Linux බෙදාහැරීම් මත පදනම් වූ පරිගණක මෙහෙයුම් පද්දතියකි. එය නිදහස් හා විවෘත මෘදුකාංගයක් ලෙස බෙදා හරින අතර ඒ සමග වාණිජ මෘදුකාංග ඇත. 

දකුණු අප්‍රිකාවේ උබුන්ටු දර්ශන විද්‍යාවට අනුව “ලෝකයාට දිගු වූ මනුෂත්වයේ දෑත” මෙම නම ලැබී ඇත. විශේෂයෙන් උබුන්ටු ඩෙස්ක්ටොප් පරිගණක සඳහා නිර්මාණය වූ අතර නොට් බුක් හා සේවා දායක පරිගණක සඳහා ද සංස්කරණ පවතී. අන්තර්ජාල දත්ත අනුව තම ඩෙස්ක්ටොප් පරිගණක සඳහා ලිනක්ස් භාවිත කරන්නන්ගෙන් 50% ක්ම පාවිච්චි කරන්නේ උබුන්ටු මෙහෙයුම් පද්දතියයි. ඒ අනුව උබුන්ටු පාවිච්චි කරන්නන්ගේ සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යමින් පවතී.

උබුන්ටු මෙහෙයුම් පද්දතිය නිර්මාණය කිරීම සඳහා මෘදුකාංග පැකේජ බොහොමයක් භාවිතා කර ඇති අතර ඉන් බහුතරය නිදහස් මෘදුකාංග වේ. උබුන්ටු ආරම්භ වුයේ ඩේබියන් පාදක කරගෙනයි. මෙහි ඉලක්කය වුයේ සැම මාස 6 කට වරක්ම නව බෙදාහැරිමක් ලබාදිමයි. මෙහි අරමුණ පරිශීලකයන් වෙත සෑමවිටම නවතම තාක්ෂණය ලඟා කර දීමයි. මෙහි ප්‍රථම බෙදාහැරීම 2004-10-20 වැනිදා නිකුත් විය

අවුරුද්දකට දෙවරක් උබුන්ටු නව අනුවාදයක් නිකුත්වේ. අවුරුද්ද සහ මාසය උබුන්ටු අනුවාද අංකය තීරණය කරනු ලබයි. උදාහරණ ලෙස ප්‍රථම නිකුතුව 2004 ඔක්තෝම්බර් 20 දින උබුන්ටු 4.01 ලෙස නිකුත් කරන ලදී. ඉදිරි නිකුතුවල අනුවාද අංකය පිළිබඳව අනාවැකි පල කළ නොහැක්කේ නිකුතුව ප්‍රමාද වුවහොත් අනුවාද අංකයද ඒ අනුව වෙනස්වන බැවිනි. උබුන්ටු සංකේත නාම සඳහා නාම විශේෂනයක් සහ සතකුගේ නාමයක් යොදා ඇත.(උදා, "ඩැපර් ඩාර්ක්" and "ඉන්ටර්පිඩ් ඉබෙක්ස් "). මුල් නිකුතු තුන හැරුනුවිට අනෙත් නිකුතුවන්ගේ නාමයන් ඉංග්‍රීසි අකාරාදී පිළිවලින් පවති. නවතම නිකුතුව පිළිබඳව ඉඟියක් ඉන් ලබා දේ. සාමාන්‍යයෙන් උබුන්ටු අනුවාදය හැඳින්වීම සඳහා නාම විශේෂන කොටස පමණක් භාවිතා කරනු ලබයි.
පහත දැක්වෙන්නේ කැනොනිකල් ආයතනය සහ උබුන්ටු ප්‍රජාව මගින් නිපදවා නඩත්තු කරගෙන යනු ලබන නිල උබුන්ටු සංස්කරණයන් වේ.

• උබුන්ටු ඩෙස්ක්ටොප් සංස්කරණය, ඩෙස්ක්ටොප් හා ලැප්ටොප් පරිගණක සඳහා නිපදවා ඇත.

• උබුන්ටු නෙට්බුක් සංස්කරණය, (කලින්උබුන්ටු නෙට්බුක් රීමික්ස්)
නෙට්බුක් හා අනෙකුත් කුඩා පරිගණක සඳහා නිර්මාණය කර ඇත.

• උබුන්ටු සර්වර් සංස්කරණය, සර්වර් පරිගණක සඳහා නිපදවා ඇත.

"උබුන්ටු ගොඩනගන්නන්ගේ සමුළුව" යනු නව උබුන්ටු අනුවාදයක් නිකුත් කිරීමට පෙර පවත්වනු ලබන මෘදුකාංග නිපදවන්නන්ගේ රැස්වීමකි.
නව ගොඩනැගීමක් ආරම්භයේදී, මීළඟ අනුවාදය කෙසේ විය යුතුද, කොපමන ගැඹුරකට ‍කළ යුතුද වැනි කරුණු ලෝකයේ හතර දිග් භාගයෙන්ම පැමිණි මෘදුකාංග නිපදවන්නන්ගේ රැස්වීමේදී සාකච්ඡා කරනු ලබයි. එම සමුළුව විවෘත සමුළුවක් වන අතර එය කි‍සිසේත්ම සම්මන්ත්‍රණයක්, ප්‍රදර්ශනයක් හෝ ප්‍රේක්ෂකයන් සඳහා කරනු ලබන සම්මේලනයක් වැනි දෙයක් නොවේ. එය අන්තර්ජාලය හරහා දැන හඳුනගත් මෘදුකාංග වැඩසටහන්කරුවන් හට එකට එකතු වී කටයුතු කළ හැකි අනගි අවස්ථාවකි.
වර්ෂ 2005දී ලන්ඩනයේ පැවැත්වූ ලෝක ලිනක්ස් සම්මන්ත්‍රණයේදී හොඳම ලිනක්ස් බෙදාහැරීමට අදාල රීඩර් සම්මානය උබුන්ටු විසින් දිනා ගන්නා ලදී. තවද වර්ෂ 2007 දී හොඳම නිදහස් මෘදුකාංග සේවා දායක මෙහෙයුම් පද්ධතියට හිමිවන Bossie සම්මානයද හිමිකරගන්නා ලදී.